My Story මගේ කතාව

Adventures in English: Where Learning Becomes a Magical Story!

පසුබිම

English for Kids – 01 ශ්‍රේණියේ  සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්විම වෙනුවෙන් පමණක්ම මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමට හේතු ගණනාවක් විය.

* එකක් නම් ඔබත් මමත් ඇතුළුව ඉංග්‍රීසි භාෂාව හරි හැටි නොදැනීම නිසා ලක් වූ  අපහසුතාවන්  වලට අපේ දරුවන්වත් පත් දිනක පත් නොවීමට.

*තවත් එක් හේතුවක් නම් ඉංග්‍රීසි වැනි භාෂාවක් විශේෂයෙන් කුඩා වයසේදීම මෙය ක්‍රමානුකූලව ඉගැන්වීම තුලින්, දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම වෘත්තීය සාර්ථකත්වය ලබා ගැනීමට උපකාරී වේ යැයි බලාපොරොත්තුවෙන්.

*තවද ඉදිරියේදී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය බොහෝ වෙනස්කම් වලට ලක් වීමට නියමිත බැවින් ඉංග්‍රීසි භාෂාව තවදුරටත් එක් ඉගෙන ගන්නා එක්  විෂයක් වෙනුවට අත්‍යවශ්‍ය සුදුසුකම් වන වනු නොඅනුමානය.

*එසේ හෙයින් අප ඒ සඳහා දරුවන්ට ඉංග්‍රීසි ඉගෙනීම අභියෝගක් වී ඇති අවධියක වඩාත් ප්‍රායෝගික ලෙස ඉගැන්වීමට උත්සාහ ගන්නෙමු.

මගේ දැක්ම හා ඔබ වෙනුවෙන් හා ඔබේ දරුවන් වෙනුවෙන්

මගේ බලාපොරොත්තුව

Happy Step

සතුටින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට පය තබන දරුවෙක්

Must-Have Step

දරුවාට භාෂාව ඉගෙනිමට නිවස තුල යහපත් පරිසරය

Essential Step

දරුවන්ගේ භාෂා හැකියාව, පන්ති හා නිතර සම්බන්ධ වූ දෙමාපියන්

Successful Step

නිතර උත්සාහවන්ත, වන විභාග වලදී දක්ෂතා දක්වන දරු පිරිසක්

ඔබට ලබාදෙන පොරොන්දුව

මට ඔබේ දරුවා දින 30,දින 45, දින 7, මාස 3න් මාස 6 න්  වගේ ඉංග්‍රීසි කතා කරවනවා, භාෂාව උගන්වනවා වැනි පොරොන්දු  දීමට නොහැක, රජය පිළිගත් වටිනා සහතිකයක් දීමට ද නැත.

ඒ වෙනුවට දැනට පාසලේ සීමාසහිත වටපිටාවක උගන්වන ඉංග්‍රීසි විෂය කොටස්, ක්‍රමානුකූලව ආවරණය කරමින් අමතර ඉංග්‍රීසි ව්‍යාකරණ හා දරුවන්ට අත්‍යවශ්‍ය දැනුම ලබාදීමට මම පොරොන්දු වන්නෙමි.

භාෂාවක් හොදින් හැසිරවීමට නම් කාලයත්, එදිනෙදා භාවිතයත්,  ඉගෙනුම්  පරිසරයත්, දරුවා තුළ ඉංග්‍රීසි ගැන තියන ආසාවත් බලපායි. ඉගෙනුම් ආධාරක තුළින් ඔබේ නිවස තුළ ඒ පරිසරය නිර්මාණයට උදව් කිරීමට මම පොරොන්දු වන්නෙමි. 

සුහුරු පන්ති කාමර (SMART Class Room) වැනි අපට සිහිනයක් වූ සංකල්ප දැනටමත් ප්‍රායෝගික භාවිතා වෙන අවධියක, මම පවත්වන පන්ති සඳහාත් ඉදිරියේදී තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් ඉගැන්වීම කිරීමට මම  පොරොන්දු වන්නෙමි. 

අවසාන වශයෙන් දරුවන්ව පන්ති වලට සහභාගී කරවීමට අදහස් කරන දෙමාපියන්ට  ස්තුතිවන්ත වෙන අතර මම හැකි උපරිම කැප කිරීමකින් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කිරීමට පොරොන්දු වන්නෙමි.

I'm | මම

01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා කුරුණෑගල හිරිපිටිය නගරයේ දරුවන්ට අපහසු කියන ඉංග්‍රීසි භාෂාව සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවේදයන්ගෙන් පරිබාහිරව උගන්වන අතර, 

  • සංචාරක කළමනාකරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය විශේෂ උපාධියක්, 
  • සංචාරක ක්ෂේත්‍රයේ,
  • අන්තර්ජාල  ව්‍යාපාරකරණය,
  • වෙබ් නිර්මාණකරණය,
  • ඉංග්‍රීසි භාෂාව දරුවන්ට ඉගැන්වීම පිළිබඳව,

පිළිබඳ වසර කිහිපයක් අත්දැකීම් ඇති අතර තවදුරත් දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය සාර්ථකව හා ප්‍රායෝගිකව ලබා දීමට උත්සාහ ගනිමි.

You cannot copy content of this page